අදත් ඒකාබද්ධයේ විශේෂ සාකච්ඡාවක්

අදත් ඒකාබද්ධයේ විශේෂ සාකච්ඡාවක්

October 11, 2018   07:26 am

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද(11) පැවැත්වීමට නියමිතව තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5.30ට මෙම සාකච්ඡාව පැවත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සහ භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව සඳහා පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.