මසට දුර ගමනක් ගිය කිරි මව අනූනවයෙන් බේරෙයි
October 10, 2018 09:36 am
බලපත්රයක් නොමැතිව කිරි ගවයෙක් මස් පිණිස ලොරියකින් ප්රවාහනය කරමින් සිටියදී අද (10) උදෑසන 06.30 ට පමණ පතන රජයේ රෝහල ඉදිරිපිටදී සැකකරුවෙක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කිරි ගවයා කොටගල සිට තලවාකැලේ ප්රදේශයට මස් පිණිස ප්රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ පොලිස් පරීක්ෂක පී.එම්.එන්.කේ.බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් එම කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු සමඟ ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කිරි ගවයාගේ ශරීරයේ තුවාලයක් ඇති බවත්, නැගිට ගැනීමට අසීරු බවත් පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා පැවසීය.
ඉදිරි අධිකරණ කටයුතු සඳහා සැකකරු සමඟ ලොරිය දිඹුල-පතන පොලීසියට භාර දී ඇත.