උකුස්සාට හසු වු රෝද තුනේ ජාවාරම

උකුස්සාට හසු වු රෝද තුනේ ජාවාරම

September 29, 2018   09:23 pm

අනුරාධපුර නගරයේ කලක පටන් සිදුකරගෙන ගිය ත්‍රීරෝද රථ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි විය.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

අනුරාධපුර අන්නාසිගල රජමහා විහාරයේ විහාරාධිපති කුඩානැලිබාවේ අත්තදස්සි හිමියන්ට අයත් ත්‍රී රෝද රථයක් යම්කිසි පුද්ගයින් දෙදෙනෙකු විසින් පැහැරගෙන එය නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 05ක මුදලක් ඉල්ලා සිටින බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව උකුස්සා අදාල හිමිනම සමඟ එක්ව අදාල පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරදීම සඳහා මෙහෙයුමක් දියත් කළේය.

එහි පළමු පියවර ලෙස උකුස්සා මෙම හොරකම සිදුකර ඇති බවට පැවසෙන පුද්ගලයෙකු දුරකථනය ඔස්සේ මෙලෙස සම්බන්ධ කරගනු ලැබීය.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව එහි ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සමඟ එක්ව අද දෙරණ උකුස්සා මෙහෙයුමක් ආරම්භ කළේය.

මෙම කූඨ ක්‍රියාව සිදුකරන බවට පැවසෙන පුද්ගලයා නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිස් උපාය දූතයෙකු සමඟ උකුස්සාද අනුරාධපුර නගරයට පැමිණියේය.

අනතුරුව උකුස්සා ඇතුළු පිරිස අනුරාධපුර නගරයේ අදාල මුදල ද සූදානම්කර තිබෙන බවට පවසමින් අදාල පුද්ගයන් ගෙන්වා මුදල් ලබා ගන්නා අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට ලැබීය.

පසුව පැහැරගනු ලැබූ ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගනු ලැබීය.

ඉදිරියේදීත් මෙවැනි කූෆ සිදුවීම් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.