මහවැලි ගඟේ නීති විරෝධි වැලි කැණීම

මහවැලි ගඟේ නීති විරෝධි වැලි කැණීම

September 25, 2018   07:24 pm

මහවැලි ගංඟාවේ මූතූර්හී නීති විරෝධී ලෙසින් සිදුකෙරෙන වැලි කැණීම් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ අනාවරණ කළේය.

ඒ අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කළ අතර එහිදී ඔවුන් පවසා සිටියේ නීති විරෝධී වැලි කැණීම් නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

මහවැලි ගංගාවෙහි මූතූර්හී නිතිවිරෝධී අයුරින් සිදුකෙරුණ වැලි ජාවාරම් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගිය සැප්තැම්බර් 08 වනදා රට හමුවේ තොරතුරු අනාවරණ කළේය.

එහිදී පිරිසක් එහි වැලි කැණීම් සිදුකරමින් සිටියේය.

උකුස්සා සිදුකළ එම අනාවරණයෙන් පසුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිලධාරීන් පිරිසක් මූතූර් ප්‍රදේශයට ළඟා වුණේ ඒ පිළිබඳ විමර්ශනයටයි.

සිදුකළ විමර්ශනවලින් අනතුරුව නිලධාරීන් පැවසුවේ සේරුවාවිල ප්‍රදේශයේ වැලි ගොඩදැමීම් නීත්‍යානුකූල අයුරින් සිදුකෙරෙන අතර නීතිවිරෝධී වැලි කැනීම් මූතූර් ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන බවයි.