දුම්රිය අනතුරින් තුවාල ලැබූ දැරිය ගුවනින් සුවීඩනයට

දුම්රිය අනතුරින් තුවාල ලැබූ දැරිය ගුවනින් සුවීඩනයට

September 25, 2018   07:22 am


වවුනියාව,ඕමන්ත පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේ පසුගිය 16 වැනිදා සිදු දුම්රිය අනතුරින් තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලැබු වයස අවුරුදු 6ක් වු කමලාදන් ජෙසිකා දැරිය ස්වීඩන් රාජ්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රතිකාර සඳහා ඊයේ(24) සවස සිය රටට ගෙනයාමට කටයුතු කර තිබේ.

ඥාතීන්ගේ ඉල්ලීම අනුව ස්වීඩන් රාජ්‍යයේ සිට පැමිණ වෛද්‍යවරුන් කණ්ඩායමක් කටුනායක ගුවන්තොටුපොළ සිට වවුනියාව දක්වා හෙලිකොප්ටරයක් මඟින් පැමිණ,දැරිය වවුනියාව රෝහලෙන් භාර ගෙන සිට රටට ගෙනයාමට කටයුතු කරනු ලැබීය.

අදාළ කණ්ඩායම දැරිය හෙලිකොප්ටරයක් මඟින් කටුනායක ගෙන ගොස් අනතුරුව ගුවනින් සිංගප්පූරුවට ගෙන ගොස් ප්‍රතිකාර කොට අනතුරුව ස්වීඩන් රටට ගෙනයාමට කටයුතු කරනු ඇති බව දැරියගේ ඥාතීන් පැවසූහ.

දුම්රිය අනතුරින් අදාළ දැරියගේ මව වන වයස අවුරුදු 30 ක් වු  කමලනාදන් ශිවරංජනා නැමැත්තිය ජිවිතක්ෂයට පත්ව අතර, දැරියගේ පියා වන වයස අවුරුදු 34 ක් වු ජේමිස් කමලනාදන් නමැත්තා අනතුරින් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබති.

ස්වීඩන් රාජ්‍යයේ පුරවැසියන් වන අදාළ කණ්ඩායම නිවාඩුව සඳහා යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයට පැමිණ අනතුරුව සිට ඥාතීන් බැලීම වෙනුවෙන් කාර් රථයකින් වවුනියාව පණ්රිකෙයිදකුලම ප්‍රදේශ‍යට පැමිණිමේදී අදාළ කාර්රථය යාපනය සිට මාතර බලා ධාවනය වු දුම්රියේ ගැටිණ.

අනතුරින් වයස අවුරුදු 56 ක් වු ඉසෙයි ඥානවතී යෝගරත්නම් නැමති කාන්තාවක්,වයස අවුරුදු 30 ක් වු කමලනාදන් ශිවරංජනා නමැති කාන්තාවක්,වයස අවුරුදු 32 ක් වු කාන්දීපන් යමුනාරංජනා නමැති කාන්තාවක්, වයස අවුරුදු 13 ක් කාන්දීපන් දිසාලනී නමැති දැරියක් ජිවිතක්ෂයට පත්වු බවද පොලීසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ අනතුරින් වයස අවුරුදු 34 ක් වු ජේමිස් කමලනාදන් නමැති පුද්ගලයෙකු, වයස අවුරුදු 06 ක් වු කමලනාදන් ජෙසිකා නමැති දැරියක්, වයස අවුරුදු 07 ක් වු කාන්දීපන් දර්ශිකන් නමැති දරුවෙකු හා කාර් රථයේ රියදුරු වු වයස අවුරුදු 53 ක් වු මුත්තයියා ගනපතී නැමැති පුද්ගලයෙකු තුවාල ලබා බේරුණ බවයි.

දැරියගේ භාහිර රෝගී තත්ත්වයන්ට අමතරව දැරිය දැඩි මානසික රෝගී තත්ත්වයට පත්ව ඇති බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග පැවසූහ.

කටුනායක සිට වවුනියාව නගර සභාව දක්වා පැමිණි හෙලිකොප්ටර යානයකින් පැමිණි ස්වීඩන් වෛද්‍යවරුන්, අනතුරුව ගිලන් රථයකින් වවුනියාව රෝහල වෙත ගොස් එහිදි දැරිය භාරගෙන නැවත පිටත්ව ගිය බව ඥාතීන් පැවසීය.