අනතුරකින් මව සහ දියණිය මරුට-තවත් දරුවන් දෙදෙනෙක් රෝහලට

අනතුරකින් මව සහ දියණිය මරුට-තවත් දරුවන් දෙදෙනෙක් රෝහලට

September 25, 2018   07:06 am

පොතුවිල්-අක්කරපත්තු ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් හා කුඩා දියණියක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ(24) සවස 6.40 ට පමණ කුංඥ්ඥඕඩය පාලම අසල දී අක්කරපත්තුව සිට පොතුවිල් දෙසට ධාවනය වු මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි එකම පවුලේ මව හා කුඩා දැරියන් දෙදෙනෙක් හා පිරිමි දරුවෙකු මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අනතුරින් තුවාල ලැබූ මව හා කුඩා ගැහැණු දැරිය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

අනෙක් ගැහැණු දැරිය හා පුතා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරපත්තුව රෝහලට මාරු කර යවා තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34 ක් වු තායාරු හංදිය, පොතුවිල් ප්‍රදේශයේ පදිංචි සවුසුල් අක්මීයා නැමති කාන්තාව හා වයස අවුරුදු 6 ක් වු මීඩා මසුවුඩ් නැමති දියණියයි.

වයස අවුරුදු 12 ක් වු ජුබ්බියාකාන් හමීඩි නැමති ගැහැණු දරුවා සහ වයස අවුරුදු 11 වු ජුබ්බියාකාන් අප්ටාන් නැමති පිරිමි දරුවා රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෘත ශරීරයන් ‍පොතුවිල් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.