සුව ඇමති දිළිඳු රෝගීන්ට පිහිට වෙයි

සුව ඇමති දිළිඳු රෝගීන්ට පිහිට වෙයි

September 24, 2018   09:25 pm

මාධ්‍ය ඔස්සේ රෝගීන් විසින් සැත්කම් සිදු කිරිම සදහා ආධාර ඉල්ලා පළ කරන ලද ප්‍රවෘත්ති පිළිබදව අවධානය යොමු කළ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එවැනි රෝගීන් 08කුට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනය කර ඇත.

එම රෝගීන් සෘජුවම දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් සෞඛය අමාත්‍යවරයා තොරතුරු විමසා සැත්කම් සිදු කිරිම සදහා මුදල් සොයා ගැනීමට නොහැකි දිළිදු රෝගීන්ට මෙහිදී මුල්‍යාධාර පිරිනමන ලදි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ මුදල් මගින් මෙම සැත්කම් සදහා මුදල් පිරිනැමූ අතර, බෙදා දෙන ලද මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 81 කට අධික විය.

මෙම රෝගීන්ට මෙරට රෝහල්වල දී සහ විදේශීය රෝහල්වල දී සැත්කම් සිදු කිරීමට නියමිත වේ.

මෙම රෝගීන් වැලිවේරිය, කොළඹ 15, වස්කඩුව, දෙයියන්දර, කුලියාපිටිය, පොල්පිතිගම, වත්තල, වලස්මුල්ල, හුන්නස්ගිරිය යන ප්‍රදේශවල පදිංච්කරුවන් වෙති.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ දුප්පත්කම හේතුවෙන් අසරණ වී සිටින රෝගීන්ට සහන සැළසීමට තමන් අඛණ්ඩව කටයුතු කරන බවයි.