සංස්කෘතියට යට වූ ‍කෙසෙල් පැල සංහාරය

සංස්කෘතියට යට වූ ‍කෙසෙල් පැල සංහාරය

September 24, 2018   07:51 pm

මධ්‍යම පළාත් හිංදු සංස්කෘතික අමාත්‍යාංශය විසින් වාර්ශිකව සංවිධානය කරන මධ්‍යම පළාත් හිංදු සංස්කෘතික උත්සවය ඉකුත් 22 දා හැටන් ඩි.කේ විරතුංග සංස්කෘතික ශාලාවේදි අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විය.

මෙම උත්සවය වෙනුවෙන් හැටන් නගරයේ මල්ලිඅප්පුව මංසන්ධියේ සිට ප්‍රධාන විදිය හරහා උත්සව ශාලාව දක්වාම කිලෝමිටර් දෙකකට වැඩි දුරක් කෙසෙල් පැල හා ගොක් අතුවලින් සැරසිලි කර තිබිණි.

පැසුන කෙ‍සෙල් කැන්ද සහිතව කෙසෙල් ගස හිංදු ආගමික හා සංස්කෘතික උත්සව අවස්ථාවන්වලදි සශ්‍රීකත්වය සංකේතවත් කිරිමේ සුබ ලකුණක් ලෙස උපයෝගී කරගනී.

උත්සව ශාලාවට හෝ උත්සව භූමියට පිවිසෙන ස්ථානයේ කෙසෙල් කැන්ද ,මල්ද සහිතව ගස් දෙකක් දෙපසින් සිටුවීම සම්ප්‍රදාය වේ.

නමුත් මෙම අවස්ථාව සඳහා යොදාගෙන තිබුනේ කෙසෙල් පැල වීම විශේෂ කරුණක් වන අතර මාස කියක් තුළ ඉතා සරුවට වැඩුන කෙසෙල් පැල දහසකට වැඩි ප්‍රමාණයක් මේ නිසා විනාශ කර තිබිණි.

දිනයක වැඩසටහනක් වෙනුවෙන් ඵල නොදැරු කෙසෙල් පැල විශාල ප්‍රමාණයක් මෙසේ  විනාශ කර දැමිම තුළින් ආර්ථික හානියක් සිදුවෙනවා සේම මෙරට ජනතාවට තම ගෙවත්තේ වගාකරගත් කෙසෙල් පරිභෝජනය කිරිමේ වාසනාව ද අහිමිවේ. 

පලතුරු පැල විනාශ නොකල යුතු බව ජනාධිපතිවරයාද අවධාරණය කර තිබියදී පළාත් ප්‍රධාන ඇමතිවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වැඩ සටහනක දී සිදුකෙරෙන විනාශය පිළිබඳව පියවරක් නොගන්නේ මන්දැයි ජනතාව විමසති.