ගංජා කිලෝ 4 ක් සමඟ සැකකරුවන් 2ක් කොටුවෙයි

ගංජා කිලෝ 4 ක් සමඟ සැකකරුවන් 2ක් කොටුවෙයි

September 24, 2018   07:14 pm

කේරළ ගංජා කිලෝග්‍රෑම් හතරක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අද(24) දහවල් අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ ලද තොරතුරක් මත යාපනය සිට කොළඹ බලා ධාවනය වු බස් රථයකින් ගංජා ප්‍රවාහනය කළ අදාළ සැකකරුවන් අත්ඩංගුවට ගත් බවයි.

සැකකරුවන් වවුනියාව බස් නැවතුම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, මහියංගනය ප්‍රදේ‍ශයේ පදිංචි වයස අවුරුදු 33 ක් හා 29 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ ‍මෙහෙයවයි.