සයුරෙන් එතෙර
ජනාධිපතිවරණයේ ජයග්‍රහණය මා සතුයි
September 24, 2018 08:36 am
2018 මාලදිවයින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තමන් සතු බව විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් ප්‍රකාශයට පත් කර තිබේ.
මාලදිවයින් ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම පසුගියදා නිමාවට පත් විය.
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් වීමටත් ප්‍රථම තමා එහි ජයග්‍රාහකයා බව ප්‍රතිවාදී අපේක්ෂකයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගියදා පැවති මාලදිවයින් ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා බලයෙන් පහකළ බව එරට ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා පවසයි.
ඡන්ද පෙට්ටි 472 කින් 437ක් ගණනය කර ඇති බවත් එහිදී වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ට සාපේක්ෂව සැළකිය යුතු මට්ටමේ වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ප්‍රතිවාදි අපෙක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් පෙරමුණේ පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් එරට ජාතික මැතිවරණ කොමිසම එම ප්‍රතිඵලය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැත.
මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ ජනාධිපතිවරණයේදී එරට වත්මන් ජනාධිපති ධූරය හොබවන අබ්දුල්ලා යමීන්ට පක්ෂපාති වන අයුරින් අක්‍රමිකතා සිදුව ඇති බවට ඔවුන් විශ්වාස කරන බවයි.
රට තුළ දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමය කරමින් කටයුතු කරන බවටත් යමීන්ගේ පාලනයට චෝදනා එල්ල වේ.
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර දිනයේදී එරට පොලිසිය විපක්ෂ මුලස්ථානය වැටලිමටත් කටයුතු කර තිබේ.
මේ අතර ජයග්‍රහණය සම්බන්ධව අදහස් දක්වමින් ඊබ්‍රහිම් මොහොමඩ් එය සතුටේ සහ බලාපොරොත්තුවේ මොහොතක් බව පවසා ඇත්තේය.
එමෙන්ම ගණනය කළ 92%ක ඡන්ද ප්‍රතිශතය අතුරින් යමීන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා 16% ක් ඉදිරියෙන් ඔහු පසුවන බවද සඳහන් කළේය.
ඊබ්‍රහිම් මොහොමඩ් ගේ මාලදිවයින් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමඟ රට යළි ප්රජාතන්තවාදී මාර්ගයට රැගෙන ඒමට හැකිවනු ඇති බවට ප්‍රකාශයක්ද සිදුකර ඇති බව සඳහන් වේ.
මේ අතර මෙම මැතිවරණය පිලිබදව චීනය සහ ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවන බව වාර්තා විය.
ඒ වර්තමාන ජනාධිපති අබ්දුල්ලා යමීන් චීන හිතවාදියෙකු හා ඔහුගේ ප්‍රතිවාදි ජනාධිපති අපෙක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් ඉන්දිය හිතවාදියෙකු වීම හේතුවෙනි.
හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ්ට මෙවර මැතිවරණය සදහා තරග කිරිමේ අවස්ථාව හිමි වුයේ නැත.