Fm දෙරණ දඹදිව වන්දනාවරම් ජයග්‍රාහකයන්ගේ සිහිනය සැබෑ වෙයි

Fm දෙරණ දඹදිව වන්දනාවරම් ජයග්‍රාහකයන්ගේ සිහිනය සැබෑ වෙයි

September 22, 2018   10:02 pm

 

Fm දෙරණ දඹදිව වන්දනාවරම් පස් වන අදියරේ ජයග්‍රාහනය හිමිකර ගත් සැදැහැවතුන්ට මෙතෙක් අපේක්ෂාවෙන් සිටි සිහිනය සැබෑ කරගැනීමට අද අවස්ථාව හිමිවිය.

ඒ ඔවුන් අද පෙරවුරුවේ උතුම් බුද්ධගයාව පුදබිම වෙත ළඟා වීමත් සමගයි.

අද අළුයම බුද්ධගයාව වෙත පැමිණි ඔවුන් එහිදී තමන් විසින් සකස් කරගත් කිරි ආහාර පුජාව බුද්ධගයාව වෙත පූජාකර බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් ඒ පුදබිමේ සිල් සමාදන් විය.

දවස පුරාම බුදුන් වහන්සේ වැඩසිටි මෙම පුදබිමේ නිදහසේ කාලය ගතකිරීමට භාවනා වැඩසටහන් සදහා සම්බන්ධ වීමට මෙම මවුපියන්ට හැකියාව ලැබෙයි.

බුද්ධඝයාව - වන්දනා කරගත් මෙම නඩය ඉන්පසු රජගහ නුවර බලා පිටත්ව යාමට නියමිතය.

FM දෙරණ දඹදිව වන්දනා වරම් හයවන අදියර දැන් ක්‍රියාත්මක වන අතර අලුයම 03සිට උදෑසන 07 දක්වාත් සවස 06 සිට 07 දක්වාත් FM දෙරණ දම්සක් නද ශ්‍රවණය කිරීමෙන් ඔබටත් මේ උතුම් භාග්‍ය උදා කරගැනිමට හැකියාව තිබේ.