තවත් නීති විරෝධි වැඩක් උකුසු ඇසට

තවත් නීති විරෝධි වැඩක් උකුසු ඇසට

September 22, 2018   08:01 pm

කල් ඉකුත් වූ බලපත්‍රයක් සහිතව ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගල් කොරියක් නීතියේ රැහැනට හසු කර ගැනුණි.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

ගාල්ල ඇල්පිටිය ගොලුවම්මුල්ල කැටපල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වගෙන ගිය ගල් කොරියක් පිළිබඳව ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමඟ එක්ව මෙහෙයුමක් ආරම්භ කළේය.

ඒ අනුව පළමුව එහි ගවේෂණයක නිරත වූ උකුස්සාට දැකගත හැකි වුණේ මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් මෙහි ගල් කැඩීම් සිදු කර ඇති ආකාරයයි.

අනතුරුව පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මතවලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේගේ මෙහෙයවීමෙන් එම ඒකකයේ නිලධාරීන් සමඟින් උකුස්සා අදාළ ප්‍රදේශයට ළඟා විය.

අප එහි යන විටත් එම ස්ථානය ගල් කැඩීම සඳහා සූදානම් කර තිබුණි.

එහිදී ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් එම ස්ථානය වැටලූ අතර එහිදී බලපත්‍ර නොමැතිව එහි තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ ගල් පුපුරුවා හැරීම සඳහා යොදා ගනු ලබන භාණ්ඩ තොගයක් සොයා ගනු ලැබීය.

එමෙන්ම මෙහිද  ස්කැවේටර් යන්ත්‍රණයක් , ලොරි රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර  ඔවුන්ව ඇල්පිටිය පොලීසියට භාරදෙනු ලැබීය.

ඉදිරියේදීත් මෙවැනි නීති විරෝධී ක්‍රියා නීති රැහැනට හසුකර දීමට අද දෙරණ  උකුස්සා සීරුවෙන්.