වාහන ජාවාරමක් උකුසු ඇසට හසුවෙයි

වාහන ජාවාරමක් උකුසු ඇසට හසුවෙයි

September 21, 2018   08:51 pm

 

මේ අනාවරණය මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රථ වාහන කැබලි එක්කර අලුත් වාහන ලෙස සකසා අලෙවි කළ ස්ථානයක් සම්බන්ධවයි.

ඒ අනුව පසුගිය 2017 වසරේ ජනවාරි මස 31 වැනිදා ශ්‍රී ලංකා රේගුව හා පොලීසිය එක්ව මෙම ස්ථානය වටලා එලෙස නිෂ්පාදනය කරන ලද වාහන තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.

එහිදී රථ වාහන 28ක් රේගු බාරයට ගෙන ඇති අතර තවත් රථ වාහන 26 ක් මෙම ස්ථානයේ තබා එම භූමියට මුද්‍රා තැබීමට රේගුව හා පොලීසිය කටයුතු කර ඇති බවයි රේගුව පැවසුවේ.

එවන් පසුබිමක උකුස්සාට තොරතුරු අනාවරණ වුණේ අදාල ස්ථානයේ මුද්‍රා තබා තිබූ රථ වාහන රැසක් රේගුවට හෝ පොලීසියට නොදන්වා අදාල මුද්‍රාද ඉවත් කර මෙම වාහන ජාවාරම සිදු කළ පුද්ගලයා විසින් අලෙවිකර ඇති බවයි.

ඒ අනුව උකුස්සා පොලීසිය හා රේගුව සමග එක්ව අදාල ස්ථානය වටලනු ලැබුවා.

එහිදී දැක ගත හැකිවුණේ අදාල පුද්ගලයා මෙහි මුද්‍රා තබා තිබූ වාහන රැසක් මෙම ස්ථානයේ නොමැති බවයි.

තවත් වාහන කිහිපයක් එහි තවත් ගොඩනැගිල්ලක තිබූ අකාරයක් දැකගන්නට ලැබිණි.

මෙලෙස අදාළ ජවාරම්කරු විසින් අධිකරණ නියෝග පවා කඩකරමින් මෙම ජාවාරම සිදුකළ අකාරය සම්බන්ධයෙන් සැබවින්ම පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්.

මෙමගින් රජයට අහිමි වූ විශාල බදුමුදල අයකර ගැනීමට බලධාරීන් කටයුතු කරන තෙක් අද දෙරණ උකුස්සා සීරුවෙන්.