රාජ්‍ය උත්සවයකට යන්න සමහර සේවා කලින් අවසන් කරලා

රාජ්‍ය උත්සවයකට යන්න සමහර සේවා කලින් අවසන් කරලා

September 21, 2018   04:48 pm

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල පරිශ්‍රය තුළ වැඩ කටයුතු සිදු කර ගැනීම සඳහා පසුගිය බදාදා දහවල් 1.00 ට පෙර පැමිණෙන ලෙස විශේෂයෙන් දැන්වීමක් පළ කර නොතිබූ බව එහි අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රිකයේ පැවැත්වෙන රාජ්‍ය උත්සවයක් හේතුවෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාලයේ වැඩ කටයුතු සිදු කර ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගේ දැනුම්දීම සඳහා එම ආයතන පරිශ්‍රයේ දැන්වීමක් පළ කර තිබූ බව අද දෙරණට වාර්තා විය.

එහි දක්වා තිබුණේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩ කටයුතු සිදු කර ගැනීමට දහවල් 1.00 ට පෙර පැමිණෙන ලෙසයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අද දෙරණ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ  අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්.සිරිවර්ධන මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ එලෙස විශේෂයෙන් දැන්වීමක් පළ කර නොතිබූ බවත් අනුරාධපුර දිස්ත්‍රිකයේ පැවැත්වෙන රාජ්‍ය උත්සවය සඳහා ඉහළ කළමණාකාරීත්වය සම්බන්ධ වීමට තිබූ බැවින් සමහර සේවා නියමිත වේලාවට පෙර අවසන් කළ බවයි.

එලෙස නියමිත වේලාවට පෙර අවසන් කළ සේවා සඳහා පසුව දිනයන් ලබාදීමට කටයුතු කරන බවද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ  අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.