පොලිස්පතිට මිලියන 12ක චෙක් පතක්

පොලිස්පතිට මිලියන 12ක චෙක් පතක්

September 18, 2018   11:35 pm

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දිවයිනේ ප්‍රසිද්ධ පාසලක ගිණුමකින් චෙක්පතක් ලැබීම සම්බන්ධයෙන් අද (18) සත්‍ය ගවේශකයෝ සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවා කරුණු අනාවරණ කළේය.

නිශාන්ත ද අල්වීස් නැමැති ඉන්ජිනේරුවරයෙකු විසින් මෙම තොරතුරු මාධය හමුවෙදි පවසා ඇත.

2005 වසරේ ඔහු නැගෙනහිර ප්‍ර දේශයේ සේවය කළ බවත් එම අවස්ථාවේදි එවකට හිටි ජනාධිපතිවරයා ඝාතනය කිරිම සදහා කළ කුමන්ත්‍රණය කරුණු තමන් අනාවරණය කළ බවත් ඒ මහතා පැවසීය.

එම කුමන්ත්‍රණයට සම්බන්ධ නැගෙනහිර පළාතේ පාසලක විදුහල්පතිවරයෙකු සහ වත්මන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා සමඟ සම්බන්ධතා පැවැති බවටද ඔහු කරුණු අනාවරණය කළේය.