ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු අත්අඩංගුවට ගන්න නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු අත්අඩංගුවට ගන්න නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි

September 18, 2018   10:49 pm

නිසි ක්‍රමවේද අනුගමනය නොකර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගත නොහැකි බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක , අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද(18) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා ඝාතනය කිරිමට කළ සැලසුමක් සම්බන්ධයෙන් තොතුරු හෙළි වීමද භායානක ගැටළුවක් බව අමාත්‍යවරයා පැවසීය.

එහිදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න කිහිපයකට අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නේය.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (18)පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණය සඳහාද පොදු අපෙක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත්වන බවයි.