නාඳුනන මල සිරුරක් පිඟා ඔය‍ෙන් හමු වෙයි

නාඳුනන මල සිරුරක් පිඟා ඔය‍ෙන් හමු වෙයි

September 18, 2018   10:19 pm

මහනුවර කටුගස්තොට  නගරයට ආසන්න ප්‍රදේශයේදී පිඟා ඔයේ පාවෙමින් තිබූ මළ සිරුරක් අද (18)  කටුගස්තොට පොලීසිය මගින් සොයා ගෙන ඇත.

අද පිඟා ඔයේ මාළු ඇල්ලීම සඳහා ගිය පුද්ගලයෙකු මෙම මෘත ශරීරය දැක මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුම් දීමෙන් පසුව මෘත ශරීරය ගොඩ ගෙන තිබේ.

 මෙම මළ සිරුර පශ්චාත් මරණ  පරීක්ෂණය සඳහා මහනුවර මහ රෝහල රැගෙන යනු ලැබ ඇති අතර  එහි පශ්චාත්  මරණ පරීක්ෂණය හෙට (19)පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් අත්තේ වයස අවුරුදු 44 ක් පමණ වන පුද්ගයෙකු  බවත් මෙම මරණයට හේතුව අනාවණය වී නොමැති බවත්  පොලීසිය පවසයි.