තිරිගු පිටි මිල දැමිමට එරේහිව නීතිමය පියවර

තිරිගු පිටි මිල දැමිමට එරේහිව නීතිමය පියවර

September 18, 2018   09:59 pm

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව තිරිගු පිටි කිලොවක සිල්ලර මිල රු 5.00 කින් ඉහල දැමීමට තිරිගු පිටි නිෂ්පාදන ආයතන කටයුතු කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

එසේ තිරිගු පිටි මිල වැඩි කිරිම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එකී පනතේ විධිවිධාන ප්‍රකාරව අදාල නිෂ්පාදකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නොපමාව ඉදිරියේ දී කටයුතු කරන බව පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එමෙන්ම අධිකාරිය විසින් තිරිගු පිටි කිලෝවක් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල වන රු 87.00 ක් ඉක්මවා තිරිගු පිටි අලෙවි කරන වෙළෙඳුනට එරෙහිව වැටලීම් සිදුකර වහාම නීතිමය පියවර ගන්නා ලෙස ද ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ්
බදියුදීන් මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබා දී ඇත.