රුපියල අවප්‍රමාණය ව‍ෙන්නේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතා නිසා නෙමෙයි

රුපියල අවප්‍රමාණය ව‍ෙන්නේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතා නිසා නෙමෙයි

September 18, 2018   08:33 pm

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණයවීම ලෝක තත්ත්වය මත සිදුවන්නක් මිස මෙරට ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතා පවසයි.

අද(18) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ලෝකයේ ආර්ථික අතින් බලවත් රටවලද මෙම තත්ත්වය දක්නට ලැබේන බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් තවමත් පසුගිය රජය සමයේ පැවති ඉන්ධන මිලට සාපෙක්ෂව දැන් පවතින ඉන්ධන මිල අඩු බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.