සමස්ත ලංකා බාලක හොකී ශූරතාවය ගාල්ල ඇලෝෂියස් විද්‍යාලයට

සමස්ත ලංකා බාලක හොකී ශූරතාවය ගාල්ල ඇලෝෂියස් විද්‍යාලයට

September 18, 2018   06:49 pm

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ හොකී තරග කොළඹ කෘතිම හොකී පිටියේ දී අද(18) පැවැත් විය.

ඒ සඳහා බාලිකා කණ්ඩායම් 17 හා බලක කණ්ඩායම් 17 ක් ඊට එක්ව සිටියේය.

ඒ අනුව බාලක ශූරතාව ගාල්ල ඇලෝෂියස් විද්‍යාලය විසින් දිනා ගත් අතර, අනුශූරතාව වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය විසින් දිනා ගනු ලැබීය.

මෙවර තරගාවලියේ බාලිකා ශූරතාවය නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය දිනා ගත් අතර, වෙන්නප්පුව ශුද්ධ වු පවුලේ කන්න්‍යාරාමය විසින් අනුශූරතාවය දිනා ගනු ලැබීය.

දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගාල්ල ඇලෝෂියස් විද්‍යාලයේ  ඩී.ඒ.එල්.සඳරුවන් සම්මාන දිනා ගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නාවල ජනාධිපති විද්‍යාලයේ කේ.ජී.සඳුනිකා චතුරානි සම්මාන දිනා ගනු ලැබීය.