සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය ජනපති ප්‍රධානත්වයෙන්
September 18, 2018 06:04 pm
චීන ණය සහ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ කි‍්‍රයාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ අදාළ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේ දී මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පවත්වා තිබේ.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.
අදාළ සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර, මතුව ඇති ගැටළු නිරාකරණය කර ගැනීමට ගතයුතු පියවර පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ජනතා සුබසෙත වෙනුවෙන් කි‍්‍රයාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධනේ මතුව ඇති ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ගතයුතු පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් පී. සමරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරින් සහ චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් මහතා ඇතුළු නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.