බස් රථයකට යටවී කතක් මරුට
September 18, 2018 04:36 pm
හලාවත-කොළඹ මාර්ගයේ හාල්පන්විල මංසන්ධියේදී බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ.
අද(18) දහවල් මෙම අනතුර සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ මාරවිල-හාල්පන්විල පදිංචිව සිටි මාග්රට් තමෙල් නැමති 72 හැවිරිදි කාන්තාවකි.
මහජනාධාර ලබා ගැනීම සඳහා තැපැල් කාර්යාලයට වෙත යාමට අදාළ කාන්තාව මාර්ගය හරහා ගමන් කරමින් සිටින අවස්ථාවේදී අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.
අනතුරෙන් අදාළ කාන්තාව බස් රථයට යටවී ඇති අතර කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
අනතුරට සම්බන්ධ බස් රථය ලංකා ගමනා ගමන මණ්ඩලයේ වෙන්නප්පුව ඩිපෝවට අයත් එකක් වන අතර බස් රථය හලාවත සිට වෙන්නප්පුව දක්වා ගමන් කරමින් සිට ඇති අතර එම බස් රථයේ රියදුරුව මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
(පුත්තලමේ-ජුඩ් සමන්ත)