දඹදිව වන්දනා වරම් හිමිකරගත් පිරිස ඉන්දියාවට ළඟාවෙයි

දඹදිව වන්දනා වරම් හිමිකරගත් පිරිස ඉන්දියාවට ළඟාවෙයි

September 15, 2018   05:26 am

 

එෆ්.එම් දෙරණ දඹදිව වන්දනා වරම් හිමිකරගත්  පස්වන අදියරේ  කණ්ඩායම  ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ඊයේ දිනයේ ඔවුන් නව දිල්ලියේ සිට අග්‍රා නුවර හරහා බරණැස බලා ගමන් කරනු ලැබීය. 

දඹදිව වන්දනා වරම් හිමිකරගත්  90 දෙනෙකුගෙන් සමන්විත  කණ්ඩායම ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්  විය.

ඒ අනුව එම පිරිස ඊයේ අලුයම නව දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලින් එරටට ළඟා විය.

ඉන් අනතුරුව පිරිස නවදිල්ලි සිට අග්‍රා නගරය වෙත ගමන් කළ අතර හෙට දිනයේ සිට පුරා  දින 14 ඔවුන් දඹදිව සිද්ධස්ථාන රැසක් වන්දනාමාන කටයුතු සිදු කිරිමට නියමිතය. 

FM දෙරණ දඹදිව වන්දනා වරම් හයවන අදියර දැන් ක්‍රියාත්මක වන අතර අලුයම 03සිට උදෑසන 07 දක්වාත් සවස 06සිට 07 දක්වාත් FM දෙරණ  දම්සක් නද ශ්‍රවනය කිරීමෙන් ඔබටත් මේ උතුම් භාග්‍ය උදා කරගැනිමට හැකියාව තිබෙනවා.