නියඟය නිසා පීඩාවට පත්වන පුත්තලමේ ජනතාව 

නියඟය නිසා පීඩාවට පත්වන පුත්තලමේ ජනතාව 

September 14, 2018   09:02 pm

 

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 පවුල් 18836 ක පුද්ගලයින් 62528 ක් නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා ඒකකය සදහන් කරයි.

මේ දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් බොහෝමයක් සිදී ගොස් ඇති අතර,වගා බිම්ද පාළු වන්නට පටන් ගෙන ඇත.

දිස්ත්‍රික්කයේ නියගය වැඩි වශයෙන් බලපා ඇත්තේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයටය.මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7197 ක පුද්ගලයින් 22694 ක්ද,පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6967 ක පුද්ගලයින් 22505 ක්ද,මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4165 ක පුද්ගලයින් 15860 ක්ද පීඩාවට පත්ව සිටියි. 

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 320 ක පුද්ගලයින් 950 ක්ද,නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 122 ක පුද්ගලයින් 361 ක්ද,වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 65 ක පුද්ගලයින් 212 ක්ද නියගය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවද ආපදා සහන සේවා ඒකකය සදහන් කරයි.

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් නවගත්තේගම,කරුවලගස්වැව, වනාතවිල්ලුව සහ පල්ලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජනතාවට පානීය ජලය බෙදා දීම මේ වන විට ආරම්භ කර ඇත.මුන්දලම සහ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පානීය ජලය බෙදා දීම ඉදිරි දින කීපය තුළ ආරම්භ කිරීමට කටයුතු කරන බවද අපදා සහන සේවා ඒකකය සදහන් කරයි.

මේ අතර නියගය හේතුවෙන් පීඩානට පත්වී සිටින පවුල් 45,000 ක් සදහා වියලි සලාක ලබා දීම සදහා වූ අනුමැතියද මේ වන විට ඉල්ලා ඇති බවද පුත්තලම දිසා ලේකතම් කාර්යාලයේ ආපදා සහන සේවා ඒකකය සදහන් කරයි.