නාලක සිල්වාගේ චෝදනව විමර්ශනය CID වෙත බාර දෙයි

නාලක සිල්වාගේ චෝදනව විමර්ශනය CID වෙත බාර දෙයි

September 14, 2018   06:45 pm

ත්‍රස්ත විමර්ශණ අංශයේ අධ්‍යක්ෂක නාලක සිල්වා මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදු කිරීමට උපදෙස් ලබා තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අදාළ උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

දූෂණ විරෝධී බලකායයේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා පසුගිය 12 වනදා මහනුවර ප්‍රදේශයේ  පැවති මාධ්‍ය හමුවකදී ත්‍රස්ත විමර්ශණ අංශයේ අධ්‍යක්ෂක නාලක සිල්වා මහතා සහ ඔහු අතර වූ දුරකථන සංවාද කිහිපයක් මාධ්‍යට නිකුත් කළේය.