ප්‍රසන්න හා බිරිඳ ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩු විභාගය කල්යයි

ප්‍රසන්න හා බිරිඳ ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩු විභාගය කල්යයි

September 14, 2018   05:07 pm

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සහ  ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ලබන මස 04 වන දින දක්වා කල්තබා තිබේ.

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු ඉඩමක් ගොඩකර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් බලහත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් මහාධිකරණය හමුවේ අදාළ නඩුව ගොණුකර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ අද(14) කැඳවූ අවස්ථාවේදී නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන  ජෙරාඩ් මෙන්ඩිස් නැමති අයගෙන්  විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න ඇසීම සිදු කර තිබේ.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන නරෙෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටද මහාධිකරණය තීරණය කර තිබේ.