විශ්වවිද්‍යාල භූමියෙන් අත්බෝම්බයක් මතුවෙයි

විශ්වවිද්‍යාල භූමියෙන් අත්බෝම්බයක් මතුවෙයි

September 14, 2018   04:39 pm


යාපනය, විශ්වවිද්‍යාල භූමියේ පවතින කෝවිලක් ආසන්නයේ තිබි අත් බෝම්බයක් අද(14) උදැසන සොයාගත් බව යාපනය පොලීසිය පවසයි.

යාපනය පොලිසිය පැවසූවේ අදාළ ස්ථානයේ සිදුකළ පිළිසකර කිරීමකදී බිම කැනීමේදී අදාළ බෝම්බය මතුව ඇති බවයි.

සොයාගත් බෝම්බය සම්බන්ධයෙන් යාපනය පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව බෝම්බය සොයාගත් බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ සොයාගත් බෝම්බය පැරණි තත්වයේ පවතින අතර, යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බය නිශ්ක්‍රීය කිරීම වෙනුවෙන් යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත බාරදුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(ඡායාරූප-මාධව කුළසූරිය)