බිරිඳ සමඟ ආරවුල නිසා සැමියා සියදිවි නසාගනියි

බිරිඳ සමඟ ආරවුල නිසා සැමියා සියදිවි නසාගනියි

September 14, 2018   03:43 pm


බිරිඳ සමඟ ඇති කර ගත්තේ යැයි කියන ආරවුලක් හේතුවෙන් සම්බන්ධයෙන් සැමියා නිවස තුළම සිය දිවි හානිකරගෙන මිය ගොස් ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ පදිංචිව සිටි ශ්‍රිදරන් රජු  නැමති 39 හැවිරිදි දෙදරු පියෙකි.

දිනපතා බිමත්ව නිවසට පැමිණෙන සැමියා බිරිඳ සමඟ නිතර නිතර ආරවුල් ඇති කර ගන්නා බවත් , ඊයේ (13) රාත්‍රියේද දෙදෙනා අතර ආරවුලක් ඇති වි ඇති අතර , එම ආරවුල දුර දිග යාමෙන් සිත් තැවුලට පත් සැමියා උදැසන 7 පමණ නිවසේ නිදන කාමරය මත බාල්කයේ එල්ලි සිය දිවි හානි කරගෙන ඇති බවයි බගවන්තලාව පොලිසිය විසින් සිදු කරන මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත්  සංජිව ෆොන්සේකා මහතා විසින් සිදු කල අතර , එහිදි මහෙස්ත්‍රාත්වරයා බගවන්තලාව පොලිසියට නියෝග කලේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහ නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියි පුළුල් පරික්ෂණයක් පවත්වයි.