ලොරි රථයක් හා මෝටර් රථ 6 ක් එකිනෙක ගැටෙයි
සයුරෙන් එතෙර

ලොරි රථයක් හා මෝටර් රථ 6 ක් එකිනෙක ගැටෙයි

September 14, 2018   01:33 pm

 

බ්‍රිතාන්‍යයේ සමර්සෙට් ප්‍රාන්තයේ මාර්ගයක සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ලොරි රථයක් සහ මෝටර් රථ 06ක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ එක් මෝටර් රථයක් පැදවූ කාන්තාවක් සහ තවත් මෝටර් රථයක ගමන් කළ කාන්තාවක් බව එරට පොලීසිය පවසයි.

අනතුරෙන් පසු අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.