හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවයි
September 12, 2018 11:33 pm
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (13) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.
සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ඊයේ(12) දිනයේ දී පැවැත්වූ බවත් සතියට සුදානම් කර ගත් අදාළ කැබිනට් තීරණ ගැනීමද ඊයේ සිදුවී තිබේ.
කෙසේ වෙතත්,හෙට දින පැවැත්වීමට නියමිත හදිසි රැස්වීමක් සඳහා සියලුම කැබිනට් ඇමතිවරුන් කැඳවා තිබේ.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු කැබිනට් ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක, රාවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා සහ සාගල රත්නායක යන අමාත්‍යවරුන් මේ වන විට නිල සංචාරයන්හි නිරතව සිටිති.