ගලකට යට වූ ජීවිතය

ගලකට යට වූ ජීවිතය

September 12, 2018   09:43 pm


කඳු මුදුණේ ගොඩ ගසා තිබු විශාල ගලක් පහලට පෙරළී වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුගේ හිස මතට වැටීමෙන් එම කම්කරුවා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව දිඹුල පොලීසිය පවසයි.

එලෙස මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එ.සි වසන්ත කුමාර නැමැති තිදරු පියෙකි.

හැටන්, කොමර්ෂල් ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් විසින් ප්‍රතිසංස්කරණය කර අලෙවි කිරීම සඳහා එම ඉඩම ප්‍රතිසංස්කරණය කරමින්  සිටි කම්කරුවෙකුගේ හිස මතට කඳු මුදුණේ එකවරම ගලක් පෙරළිගෙන විත් හිස මතට වැටි එම කම්කරුවා එම ස්ථානයේදිම මිය ගිය බව දිඹුල පොලීසිය සඳහන් කළේය.

අද(12) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත.

මිය ගිය අයගේ සිරුර කොටගල ප්‍රාදේශිය රෝහලේ ගැන්පත් කර ඇති අතර, මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලිපිටිය මූලික රෝහල වෙත යොමු කරන බව දිඹුල පොලීසිය වැඩිදුරටත් පැවසිය.

(ඡායාරූප-රංජිත් රාජපක්ෂ)