උකුසු ඇසට හසු වූ රැකියා ජාවාරම

උකුසු ඇසට හසු වූ රැකියා ජාවාරම

September 11, 2018   07:18 pm

රජයේ හා පෞද්ගලික අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් හෝමාගම ප්‍රදේශයේ සිදුකෙරෙන මුදල් ජාවාරමක් පිලිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු වාර්තා විය.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරියක් බව පවසමින් ව්‍යාජ හැඳුනුම්පතක් හා ව්‍යාජ ලිපි ශීර්ෂයක් යොදාගෙන රාජ්‍ය හා පෞද්ගලික අංශවල රැකීරක්ෂා ලබා දෙන බව පවසා කාන්තාවක් මෙම මුදල් ජාවාරම සිදුකරන බව අද දෙරණ උකුස්සාට දැනගන්නට ලැබුණි.

ඒ අනුව උකුස්සා සිදුකළ ගවේෂණයේදී හෙළි වුණේ හෝමාගම ප්‍රදේශයේ විහාරස්ථානයකදී කාන්තාවන් තිදෙනෙකු මෙම ජාවාරම සිදු කිරීමට සූදානම් වන බවයි.

අනතුරුව ක්‍රියාත්මක වූ උකුස්සාට දැකගත හැකිවුණේ අදාල ජාවාරම්කාරියන්,රැකියා අපේක්ෂාවෙන් පැමිණෙන තරුණ තරුණියන්ගෙන් රැකියා ලබා දීමට ප්‍රථම රුපියල් 12500ක ඇප බැඳුම්කරයක් ලබා ගන්නා ආකාරයයි.

ඒ අනුව උකුස්සා,මෙම ජාවාරම සිදු කිරීමට සූදානම් කර තිබූ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සමග එක්ව අදාල ජාවාරම සිදුකරන ප්‍රධාන කාන්තාව හා සංවාදයක නිරත විය.

එහිදී අදාල කාන්තාව විශ්වාසය දිනාගැනීම සඳහා අදහස් පල කර සිටියේය.

ඉන්පසු සිදු වූයේ කුමක්ද ? ඒ පිළිබඳ තොරතුරු හෙට බලාපොරොත්තුවන්න.