උතුරේ ඉන්දියානුවන් පදිංචි කළ බවට කරන චෝදනා බොරු

උතුරේ ඉන්දියානුවන් පදිංචි කළ බවට කරන චෝදනා බොරු

September 11, 2018   05:52 pm

උතුරු පළාත් සභාවේ දේශපාලන බලධාරීන් එම පළාතට අයත් නැදුන්කර්නි නම් ගම්මානයේ ඉන්දියානු පවුල් 250 ක් පදිංචි කර ඇති බවට නැඟෙන චෝදනාව සම්බන්ධයෙන් පළවන ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

මෙරට කිසිදු ප්‍රදේශයක එවැනි වූ විදේශිකයින් හෝ විදේශීය පවුල් පදිංචි කර නොමැති බැවින් මෙම චෝදනා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ වනවිට, ගැටුම් පැවති සමයේ ඉන්දියාවේ රැකවරණය පතා ගිය ශ්‍රී ලාංකිකයන් 10,675 ක් 2009 වර්ෂයේදී එම ගැටුම් අවසන් වූ පසු සිය කැමැත්තෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 

මෙම පුද්ගලයින් සියලු දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් වන අතර ඔවුන්ගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කර ඇති බව ද එම නිවේදනයේ දැක්වෙයි.