රූපය හැඩකර ලංකීය තරුණියක් ජාත්‍යන්තරයේ දෙවැනි තැනට

රූපය හැඩකර ලංකීය තරුණියක් ජාත්‍යන්තරයේ දෙවැනි තැනට

September 11, 2018   05:34 pm


ප‍්‍රංශයේ පැවැති ජාත්‍යන්තර රූපලාවන්‍ය තරගාවලියක් නියෝජනය කරමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකික තරුණියකට හැකි විය.

ජෙයප‍්‍රකාශ් කයල්විලි නැමති තරුණිය මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වෙමින් මෙම රිදී පදක්කම දිනාගෙන තිබේ.

ඇයට හිමි රිදී පදක්කම ඊයේ උත්සවශී‍්‍රයෙන් පිරිනැමුණු බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර රූපලාවන්‍ය තරගාවලියක් ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ප‍්‍රථම වතාවටයි ජෙයප‍්‍රකාශ් විසින් මෙවැනි පදක්කමක් ජයග‍්‍රහණය කරනු ලැබූ බව වාර්තා වෙයි.

ඇය හෙට12 වැනිදා අලුයම 4.35ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගා වෙත ළගා වීමට නියමිත තිබේ.