ඩී.බන්දුවර්ධන දිවියෙන් සමුගනී

ඩී.බන්දුවර්ධන දිවියෙන් සමුගනී

September 9, 2018   09:25 pm

ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී ඩී. බන්දුවර්ධන මහතා ඊයේ(08) අභාවප්‍රාප්ත වුණි.

මිය යනවිට 80 වැනි වියෙහි පසුවූ ඒ මහතා ජනාධිපති මාධ්‍ය ඒකකය ,රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ,විදේශ කටයුතු අමාත්‍යංශය මෙන්ම දෙරණ මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දීයෙකු ලෙසද කටයුතු කරනු ලැබුවේය.

රාජගිරියේ ඒ මහතාගේ නිවසේ මේ වන විට දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට සවස බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.