ඉන්ධන පිරවුම්හලක සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය යයි
August 21, 2018 08:49 am
සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු එහි භූගත ඉන්ධන මීටරය පරික්ෂා කර ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේ දී ඉන්ධන ලබාගැනීම සදහා පැමිණි මෝටර් රථයක ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.
අනතුරෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ සියඹලාපේ උතුර ප්රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙක්.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සපුගස්කන්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති.