සිසු අයිතින් ඉල්ලා අදත් උද්ඝෝෂණයක්

සිසු අයිතින් ඉල්ලා අදත් උද්ඝෝෂණයක්

August 21, 2018   08:04 am

අග්නි දිග විශ්ව විද්‍යාලයේ සිසු ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අද(21) දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සදහන් කළේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශවලට විරෝධය පල කිරිම ද මෙම උද්ඝෝෂණයේ අරමුණ බවය.

අද දිනයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් සිය ගැටලු විසදා ගැනීමට බලාපොරොත්තු වන බව අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සදහන් කළේය.