බඩඉරිඟුවලටත් සහතික මිලක්

බඩඉරිඟුවලටත් සහතික මිලක්

August 21, 2018   07:23 am

බඩඉරිඟු සඳහා රුපියල් 40ක සහතික මිලක් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

දේශිය බඩඉරිගු ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් බඩඉරිගු සඳහා ස්ථාවර මිලක් ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය. 

ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ(20) දිනයේ දී පැවති අතර එහිදි රුපියල් 40ක සහතික මිලක් බඩඉරිගු සඳහා පැනවීමට යෝජනා වී තිබේ.

ඊට අදාළ කැබිනට් පත්‍රකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වන විට මෙරට තුළ බඩඉරිගු වගා කිරීමේ අඩුවීමක් දක්නට ලැබෙන අතර බඩඉරිගු ගොවීන් වගා කටයුතු සඳහා යොමු කරවීමේ අරමුණින් මෙම සහතික මිල ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.