හමුදා කඳවුරු නිසා උතුරු නැගෙනහිර ජනතාවට කරදරයි-විග්නේෂ්වරන් යුරෝපීය නියෝජිතයින්ට කියයි
August 21, 2018 06:47 am
උතුරු නැගෙනහිර තත්ත්වය සොයා බැලීම වෙනුවෙන් මෙරට සංචාරයකට එක්ව සිටින යුරෝපා රටවල නියෝජිතයින් හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා අතර සාකච්ජාවක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවත්වා තිබේ.
උතුරු නැගෙනහිර පළාත් තුළ පවතින හමුදා කඳවුරු හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජිවිතයට බාධා එල්ල වි ඇති අතර, මහවැලි ජලය උතුරු පළාතට ලබාදෙන බවට රජය මුසා බස් පවසා දකුණේ සිංහල ජනතාව උතුරු පළාතේ පදිංචි කොට ඇති නමුත් මහවැලි ජලය තවමත් උතුරු පළාත වෙත ලබාදීම සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවද හෙතෙම යුරෝපීය නියෝජිතයින් වෙත පවසා ඇත.
ඊයේ පැවති මෙම සාකච්ඡාවට එක් වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, දිගින් දිගටම රජය විසින් දකුණේ ජනතාව උතුරු පළාතේ පදිංචි කරන නමුත් යහපාලන රජය තුළින් හෝ උතුරු පළාතේ ජනතාවට සාධාරණයක් ඉටුනොවී ඇති බවයි.
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුනරුත්තාපනය කිරීමේ වැඩසටහන යටතේ අදාළ පිරිස් රජයේ ඔත්තුකරුවන් බවට පත්කොට ඇති අතර, රජයේ හමුදාවන් වෙත සහයෝගය ලබාදීමේ පොරොන්දු මත අදාළ පිරිස් නිදහස් කිරීමටද රජය කටයුතු කරන බවටද හෙතෙම යුරෝපීය නියෝජිතයින් වෙත එහිදි පැවසීය.
විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසූවේ දෙපාර්ශවය අතර උතුරු පළාතේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් හා උතුරේ ජන ජිවිතය සම්බන්ධතයෙන් අදහස් හුවමාරු කළ බවයි.
සාකච්ජාව වෙනුවෙන් යුරෝපීය රටවල් නියෝජනය කරන නියෝජිතයින් 40 දෙනෙකු පමණ පිරිසක් සහභාගි වි සිටියහ.