භික්ෂුවකට නවක වදය දුන් භික්ෂූන් වහන්සේලා පස් නමක් යළි රිමාන්ඩ්
August 21, 2018 06:24 am
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන තවත් භික්ෂුන් වහන්සේ පිරිසක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මාතර එළිය කන්ද ප්‍රදේශයේ භික්ෂු නේවාසිකාගාරය තුළ දී නවක වදය ලබා දීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ පස් නමක් ඊයේ(20) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස යළි සැප්තැම්බර් මස 3 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ජූලි මස 18 වන දින රාත්‍රීයේ මෙම නවක වද සිද්ධිය සිදු වී ඇති අතර මේ වන විට මෙම නවක වදයට ලක්වු භික්ෂූන් වහන්සේ තම උසස් අධ්‍යාපන කටයුතු නවතා දමා ඇති බව මාතර පොලීසිය සඳහන් කරයි.
නවක වද පනත යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර භික්ෂූන් වහන්සේලා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.