ජපන් ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට එයි

ජපන් ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට එයි

August 21, 2018   06:00 am

ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔන්ඩෙරා (itsunori ondera)මහතා දින 03 සංචාරයක් සඳහා ලංකාවට පැමිණ තිබේ.

එතුමා සමඟ දූත පිරිස 19 ක් ද පැමිණි අතර , ඔවුන් ඊයේ(20) දින රාත්‍රී 10.15 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්-196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම පිරිස හෙට(22) තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නායකයින් රැසක් ම මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම පිරිස පිළිගැනීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම , ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.