ආනමඩුව හෝටලයකට මැර ප්‍රහාරයක්

ආනමඩුව හෝටලයකට මැර ප්‍රහාරයක්

August 19, 2018   06:32 am

ආනමඩුව,  ආඩිගම නගරයට ආසන්නයේ පිහිටි  හෝටලයකට ඇතුළු වූ  අයුධ සන්නද්ධ මැර කණ්ඩායමක් හෝටලයේ  දේපොළ  රැසකට බරපතල හානි සිදු කර ඇත .

 ඊයේ (18 ) රාත්‍රී දහයට පමණ මේ ප්‍රහාරය එල්ල කර තිබේ .

 මේ සදහා  කඩු , පොලු රැගත් සිව් දෙනෙකු මෙලෙස පහර දීමට පැමිණ ඇති අතර මෙහි නායකත්වය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් උසුලා ඇති අතර ඔහු ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ සමීපතමයෙකු බවද වාර්තා වන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
 
මේ පහර දීමට ප්‍රධාන හේතුව වසරක පමණ කාලයක සිට හෝටලයෙන් ලබා ගන්නා ලද අහාර සදහා මුදල් 
ඉල්ලා සිටීම බව හෝටලයේ හිමිකරු පැවසිය .

 පහරදීමට පැමිණි සියලු දෙනා හදුනාගත් අතර ඔවුන් තමනට හා බිරිදට පහර දීමට උත්සහා කලත් තමන් සැගවී ජීවිතය බේරා ගත් බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය.

මේ පිලිබදව හෝටලයේ හිමිකරු පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් පණිවිඩයක් මත වහා ක්‍රියාත්මක වූ ආනමඩුව පොලිසියේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ රාත්‍රියේ සිටම මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ප්‍රහාරයෙන්   හෝටලයට රුපියල් ලක්ෂ විසිපහකට වැඩි හානියක් සිදුව ඇති බවත් අදාල ප්‍රහාරය සම්බන්ධ සිදුවීම පටිගත වු සී.සී.ටි.වී දර්ශන සටහන්ව තිබේ .

ආනමඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.