හදිසි මෙහෙයුමකදී 18ක් අත්අඩංගුවට

හදිසි මෙහෙයුමකදී 18ක් අත්අඩංගුවට

August 19, 2018   06:13 am

හලාවත පොලීසිය විසින් සිදු කරන ලද හදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 18 දෙනෙකුව අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වේ.

ඊයේ (18) රාත්‍රීයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මෙහිදී අධිකණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර සිටි එක් සැකකරුවෙකුද, දින වරෙන්තු නිකුත් කර සිටි කාන්තාවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර මත් පැන් පානය කර රිය ධාවනය කළ  රියදුරන් 05 දෙනෙකුද වේ.

සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී සුරන්ජිත් කුමාරපේලි මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.