අදත් දිවයින අවට මුහුදු ප්‍රදේශවල තද සුළං

අදත් දිවයින අවට මුහුදු ප්‍රදේශවල තද සුළං

August 19, 2018   06:03 am

දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අගෝස්තු මස 20 වනදා සිට යම් තරමක් අඩු වනු ඇතැයි අපෙක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසිද ඇති විය හැක.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

දිවයින හරහා, විශේෂයේන් මධ්‍යම, වයඹ, උතුරු-මැද, දකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල, ත්‍රිකුමාමලය සහ මඩලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා තද සුළං ඇතිවිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය තවදුරටත් ඉහළ මට්ටමෙ පවතියි.