කේරළ ගංජා කිලෝ 83 ක් නාවික හමුදාව සොයා ගනියි

කේරළ ගංජා කිලෝ 83 ක් නාවික හමුදාව සොයා ගනියි

August 18, 2018   04:16 pm

 

කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ පා වෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 යි දශම 05 ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක අනුයුක්ත නාවික හමුදා නිලධාරීන්ගේ මුර සංචාරයක් දී එම කේරල ගංජා තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.

එම කේරල ගංජා තොගය ඇසුරුම් 39 ක බහා තිබී ඇති අතර විකිණීම සඳහා මෙලෙස මුහුදට දමා ගොඩබිම වෙත රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට නාවික හමුදාව සැක පල කරයි.

එම කේරල ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිසිය වෙත භාර දීමට කටයුතු කල බවයි නාවික හමුදාව සඳහන් කළේය.