රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බව අගමැති කියයි

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බව අගමැති කියයි

August 18, 2018   04:05 pm

 

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව රට බංකොලොත් වීමෙන් හා ආර්ථිකය කඩා වැටීම වැලැක්වීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (18) මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශඹ කළේය.

රට බංකොලොත් වීමෙන් හා ආර්ථිකය කඩා වැටීම වැලැක්වීමට ණය ගෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ඉල්ලීම සිදුවූ බවත් වියදම් සීමා කිරීමට හා බදු වැඩි කිරීමට සිදු වූ බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

බදු වැඩි කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයට චෝදනා එල්ල වුවද අද වන විට රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බවත් ණය ගෙවීමේ හැකියාව පවතින බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.