අපදාවෙන් පීඩාවට පත්වූවන් බේරාගැනීමට මෙහෙයුම් දැඩි කරයි
සයුරෙන් එතෙර

අපදාවෙන් පීඩාවට පත්වූවන් බේරාගැනීමට මෙහෙයුම් දැඩි කරයි

August 18, 2018   03:26 pm

 

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පුද්ගලයින් බේරාගැනීම සදහා ආරක්ෂක අංශ සිය මෙහෙයුම් දැඩි කර තිබේ.

ඒ අනුව බෝට්ටු 320ක් සහ හෙළිකොප්ටර් යානා 30ක් මගින් එම මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කේරළ ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 324 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

එමෙන්ම ලක්ෂ 3කට ආසන්න පිරිසක් අවතැන්ව ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව වාර්තා වේ.