ඉන්දීය එංගලන්ත තුන්වන ටෙස්ට් තරඟය අද

ඉන්දීය එංගලන්ත තුන්වන ටෙස්ට් තරඟය අද

August 18, 2018   03:21 pm

 

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (18) ආරම්භ වේ.

තරඟය එංගලන්තයේ නොර්ටින්හැම් හිදී පැවැත්වීමට නියමිතය.

තරඟ 05 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ 02 න්ම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

එංගලන්ත කණ්ඩායම ජෝ රූට් විසින් මෙහෙයවන අතර ඉන්දීය කණ්ඩායම විරාත් කෝලි විසින් මෙයෙවනු ලබයි.