වින්දිතයින්ගේ ජාත්‍යන්තර දිනය ලබන 30 වන දා

වින්දිතයින්ගේ ජාත්‍යන්තර දිනය ලබන 30 වන දා

August 18, 2018   03:17 pm

 

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයින්ගේ ජාත්‍යන්තර දිනය ලබන 30 වනදාට යෙදී තිබේ.

ඊට සමගාමීව කොළඹදී උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සකස් කරන ලද අතුරු නිර්දේශ සහිත වාර්තාවක් එදින එළි දැක්වීමට නියමිත බව සඳහන්ය.

අතුරුදහන්වූ තැනැත්තන්ගේ ඥාතීන් සහ සිවිල් සමාජයේ ක්රිබයාකාරීන් රැසක් ඊට සහභාගී වීමට නියමිතය.

“අතුරුදන්කිරීම්වලට ඉඩ නොතබමු” යන්න එම දිනයේ තේමාව වී ඇති බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහන් කළේය.