කිරි බවුසරක් ලිස්සා ගොස් අනතුරක්

කිරි බවුසරක් ලිස්සා ගොස් අනතුරක්

August 18, 2018   03:04 pm

 

මස්කෙලියේ සිට පැලවත්ත දක්වා කිරි ප්‍රවහනය කරමින් තිබු බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වි ඇති බව ලිදුල පොලීසිය පවසයි.

අද (18) පස්වරු 1.30 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල බෙයාර්විල් තේ කර්මාන්ත ශාලාව අසලය .

මෙම අනතුරින් එම කිරි බවුසරයේ රියදුරා සුළු තුවාල ලබා ලිදුල රෝහල ඇතුලත් තර ඇති අතර , අනතුරින් බවුසරයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.

පවතින අයහපත් කාලගුණයක් සමඟම ධාවනය වෙමින්තිබු කිරි බවසුරය ලිස්සා ගොස් මෙම අනතුර සිදු වි ඇති බවත්, මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.